2012-07-09

ඩෙංගු මඬින්න ගිය පී.එච්.අයි. දිවියෙන් සමු ගනියි


කන්තලේ තඹලගමුව ප්‍රදේශයේ දී ‍මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයෙකු ඝාතනය කර තිබෙනවා. අදාළ ‍මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා ඩෙංගු මර්දන කටයුතු සඳහා අද (09) දහවල් ප්‍රදේශයේ නිවසකට ගිය අවස්ථාවේ දී නිවෙස් හිමියන් විසින් ඔහුට පහර දී ඇති බව කන්තලේ පොලිසිය සඳහන් අනාවරණ කරනවා. පහරදීමෙන් බරපතළ තුවාල ලැබූ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා කන්තලේ රෝහ‍ලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මියගොස් ඇත.
අදාළ නිවසේ ඩෙංගු මදුරුවන් බෝවන ස්ථාන පිළිබඳව දැනුවත් කරන අවස්ථාවේ දී මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා සහ නිවෙස් හිමියන් අතර බහින් බස්වීමක් සිදුව ඇති බව පොලිසිය පවසනවා. එය දුරදිග යාමෙන් මෙම පහර දීම සිදුව ඇති බව සඳහන්ය.

No comments:

Post a Comment

මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.