2012-07-09

අතර මං වූ හයක් සොයා ගනිද්දි තවත් නවයක් අතුරුදන්


අද උදෑසන හැටන් ප්‍රදේශයේ බාලිකා විද්‍යාලයකින් අතුරුදහන් වූ බව කියන සිසුවියන් හයදෙනා හමුවී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා පවසනවා. එයින් එක් සිසුවියක අම්පාරේ පිහිටි සිය නිවසට ගොස් ඇති බවත් සෙසු සිසුවියන් පස්දෙනා මින්නේරිය ප්‍රදේශයේ මිතුරෙකුගේ නිවසට ගොස් ඇති බවත් පසුව අනාවරණය වූ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කියා සිටියි.
හැටන් ප්‍රදේශයේ බාලිකා විද්‍යාලයකින් සිසුවියන් හයදෙනකු අතුරුදහන් වී ඇති බවට පොලිසිය වෙත පැමිණිල්ලක් ලැබී තිබුණු අතර පසුව පොලීසිය විසින් ඒ පිළිබඳ විමර්ශන ආරම්භ කරනු ලැබුවා.
එසේම අද සවස හන්තාන කන්ද නැඟීමට ගිය මොරටුව විශ්ව විද්‍යාලයේ සිසුන් පිරිසක් අතරමංවී ඇති බවට පැමිණිලි ලැබී ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කරනවා. විශ්ව විද්‍යාල සිසුන් 9 දෙනකු හන්තාන කන්දේ අතරමංවී ඇති බවට ලැබුණු තොරතුරු මත මේවන විට එම සිසුන් සොයා මහනුවර පොලීසියේ කණ්ඩායමක් පිටත්කර යවා ඇති බව හෙතෙම කියා සිටියේය.

No comments:

Post a Comment

මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.