2012-07-09

පාසල් නිල ඇඳුමට කළු පැල්ලමක් එක් කළ හමුදා සෙබලා අත්අඩංගුවට


පාසල් යමින් සිටි සිසුවියක පැහැරගෙන ගොස් ලිංගික අතවර කළ හමුදා සෙබලෙකු වැලිකන්ද පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. වැලිකන්ද මනම්පිටිය විද්‍යාලයේ ඉගෙනුම ලබන 15 හැවිරිදි දැරියකට මෙලෙස අතවර කර ඇතැයි පොලිසිය පවසනවා. එම සිසුවිය සිය පාපැදියෙන් පාසලට යමින් සිටියදි අද පෙරවරු 06.45ට පමණ අදාල සැකකාර හමුදා සෙ‍බලා ඇය බලහත්කාරයෙන් අසල කැලයකට රැගෙන ගොස් ලිංගික අතරව සිදුකර ඇත. එම අවස්ථාවේ වැලිකන්දේ සිට සිංහපුර දෙසට ධාවනය වු බස් රථයක සිටි මගින් එය දැක සැකකාර හමුදා සෙබලා අල්ලා වැලිකන්ද යුධ හමුදා කඳවුරට භාරදී තිබෙනවා. එහිදි සැකකරු හමුදා කඳවුරෙන් බැහැරව පලා යමින් සිටියදි වැලිකන්ද පොලිසියේ නිලධාරින් කණ්ඩායමක් ඔහුව අත්අඩංගුවට ගෙන ඇත.
එම දැරිය වෛද්‍ය පරීක්ෂණයක් සඳහා වැලිකන්ද රෝහලට ඇතුලත් කර තිබෙනවා. 

No comments:

Post a Comment

මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.