ජනතා විමුක්ති පෙරමුණේ උතුරු මැද පළාත් සභාවේ හිටපු මන්ත්රී අනුර දිසානායක මහතා මෙවර පළාත් සභා මැතිවරණයේදී අනුරාධපුර දිස්ත්රික්කයෙන් එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරමින් ඉදිරිපත් වීමට නාමයෝජනා ඉදිරිපත් කොට ඇතැයි වාර්තා වනවා.
වසර දහයක පමණ කාලයක් අනුරාධපුර බටහිර ආසනයේ ජවිපෙ ප්රධාන සංවිධායකයා ලෙස කටයුතු කල ඔහු 2004, 2008 වසරවලදී පළාත් සභාව විසුරුවන තෙක් එහි මන්ත්රීවරයෙකු ලෙස ජවිපෙ නියෝජනය කලේය.
ජනතා විමුක්ති පෙරමුණ තුල ඇතිවූ බෙදීම් සහ මේ මොහොතේ එම පක්ෂයට ආණ්ඩුව පෙරළීමට ඇති ශක්තිය සම්බන්ධයෙන් සලකා බලා අලියා ලකුණින් එජාපයෙන් ඉදිරිපත් වන බව දිසානායක මහතා මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් සඳහන් කර තිබෙනවා.
Source : Lankacnews
No comments:
Post a Comment
මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.