ඉතාම බලවත් යෝග ගණනාවකින්ම සමන්විත වූ වාසනාවන්ත ජන්ම පත්රයකට හිමිකම් කියන තිලකරත්න ඩිල්ෂාන්ගේ ජන්ම ලග්නය වන්නේ බුධ හිමි කන්‍යා ලග්නයයි. ඔහුගේ ජන්ම පත්‍රය පුරාවටම බලවත් යෝග වන්නේ මෙසේය. රවි බුධ යෝගය, බුධ ආදිත්‍ය යෝගය, වෙශවොශි, උභවචාරී වැනි හා භද්‍ර යෝග ගණනාවකින්ම සමන්විත වූ ඔහුට 2012.08.05 පසු ගල්න ඒරාෂ්ටකයේ අසුබ කාල සීමාව ඉවත්වේ. දැනට උපතේ සිටි රාශියේම ගුරු ගමන් කරන අතර ගුරුගේ රාහු අන්තරය ගතවේ. අගෝස්තුවලින් පසුව කැපී පෙනෙන ජයග්රහණයන් කීපයක්ම තම කණ්ඩායමට ලබාදීමට සමත් වේ.
දැනට රාහුගේ ගමන අනුව ක්‍රිකට් ලෝලීන්ගේ බලාපොරොත්තු ඉටු කිරීමටත් කණ්ඩායමේ නැවත කැපී පෙනෙන ක්රීඩකයකුද වේ. 2014 මාර්තුවලින් පසු ඔහු ක්‍රීඩාවෙන් සමුගන්න අතර ක්‍රියාකාරී දේශපාලනයට නැඹුරු වන බවක් පෙනේ. ශ්‍රී ලංකා ක්‍රිකට් පිලේ නායකත්වයට පත්වන විට ඔහුට ගුරුගේ කුජ අන්තරය ගත කළත් සෙනසුරුගේ ගමන අනුව ඔහුට නායකත්වයෙන් ඉවත් වීමට සිදුවිය.
ඉතාමත්ම කාරුණික හදවතක් ඇති ඔහුගේ දෛවවයට කොයිතරම් දුරට තම හස්ත රේඛා සලකුණු බලපා ඇත්දැයි මව්බිම පලාපල කලාපය තුළින් විමසා බලමු. ඩිල්ෂාන්ගේ දකුණු අත්ලේ සටහන් වී ඇති සුවිශේෂී රේඛා සටහන් මොනවාද? බලන්න එහි දෛවය රේඛාවන් දෙකකි. (AA) ජ්‍යොතිෂයට අනුව ක්‍රීඩාවන්ට බලපාන ග්‍රහයට කුජය. හස්ත රේඛා ශාස්ත්‍රයට අනුව (D.D.D.) සලකුණුවලින් පෙන්නා ඇත්තේ කුජ පළමු හා දෙවන මණ්ඩලයන් හා කුජ කලාවන්ය.
C සලකුණුවලින් නම් කර ඇත්තේ පළමු කුජ මණ්ඩලය තුළ සලකුණු වී ඇති ත්රිකෝණයන්ය. ඊට සමගාමීව කුජ රේඛාවන් සලකුණු වී ඇත. එයින් කියැවෙන්නේ උප්පත්තියෙන්ම ඔහු තුළ ගැබ් වී ඇති අප්‍රමාණ දක්ෂතාවයන්. BB සලකුණුවලින් පෙන්වා ඇත්තේ ඉතා බලගතු කීර්ති හෙවත් සූර්ය රේඛාවන්ය. මේ නිසා ඔහු තම කණ්ඩායමට ජාත්‍යන්තර ප්‍රසිද්ධියක් ලබාදීමට ඇති දායකත්වයක්ය. මේ නිසා තම මව් රටේ හා ලෝකවාසී ක්‍රිකට්ලෝලීන්ගේ ආදරයට ගෞරවයට ලක්වීමට තරම් වාසනාවන්තයකු විය. ඉතා බලගතු කීර්ති රේඛාවක් දෛවය රේඛාවේ හා බලවත් වූ ගුරු බුධ මණ්ඩලයක් හා සොලමන්ගේ මුද්දත් කුජ මණ්ඩලයන්ගේ තත්ත්වයන් දෙස බැලීමේදී පෙනී යන්නේ ඔහු ක්‍රීඩාවෙන් සමුගත් දවසක දේශපාලන හා ව්‍යාපාර ක්ෂේත්‍රෙය් දිදුලන නමක් ඇති කර ගැනීමට හැකියාව ලබන බවයි. සමස්තයක් ලෙස ගත් කල ඔහුගේ ජීවන රේඛාවත් කුජගේ ලැබෙන සහයෝගයත් නිසා නිරෝගී ජීවිතයටම උරුමකම් ලබාදීමට තරම් බලවත් වූ රේඛා සටහන් ඔහුගේ දෙ අත්ලේ විද්‍යමානව ඇති බවයි. ඉතා දිගින් වැඩි හෘදය රේඛාවක් ශනි මණ්ඩලය තුළ ත්රිකෝණයන් ගෙන් අවසන් වීමත් ඔහු තුළ ගැබ් වී ඇති නිහතමානී බවත් අනුන්ගේ දුකේදී උණුවන හදවත්ක් උපතින්ම ගෙනා ආ බවත්ය.
සමස්තයක් ලෙස ඩිල්ෂාන්ගේ රේඛාවන් අඩුවීමත් පෞද්ගලික දිවියේ ලැබිය යුතු සියලුම සම්පත් ලබාදීමට තරම් ඔහුගේ දෙ අත්ලේම රේඛාවන් වාසනාවන්තව පිහිටා ඇති බවයි. වයස අවුරුදු 38 පසු ඔහු වෙනත් ක්ෂේත්රයකට යොමු වී එම අංශයකින් ඔහුගේ දියුණුව ලැබෙන බවත් ඔහුගේ දෙඅත්ලේම රේඛාවන්ගෙන් හා තම ජන්ම පත්‍රෙයන් පෙන්නා දේ.
ජ්‍යෙතිෂවේදී නන්දසේන වීරසිංහ
උපුටා ගැනීම - මව්බිම පලාපල අතිරේකයෙන්
එච්චරයි අඩු දැන්
ReplyDelete