ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයේ ප‍්‍රාදේශීය නායකයන් අතර පවත්නා ගැටුම් පක්ෂ උන්නතියට බාධාවක් බව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පෙන්වා දී තිබෙනවා. ඊයේ රාති‍්‍රයේ අරලිගය මන්දිරයේ පැවැති ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂ සමස්ත ලංකා කාරක සභාව අමතමින් ජනාධිපතිවරයා පෙන්වා දී ඇත්තේ එම ගැටුම් සමථයකට පත් කර ගැනීමට සියලූ දෙනා කැපවිය යුතු බවයි. ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයේ ප‍්‍රාදේශීය සභා , පළාත් සභා සහ නගර සභා මන්තී‍්‍රවරුන් අතර විවිධ ගැටුම් පවතින බවට තොරතුරු වාර්තා වී තිබෙනවා. ඇතැම් පාර්ලිමේන්තු මන්තී‍්‍රවරුන් අතරද මත ගැටුම් පවතින බවයි ජනාධිපතිවරයා එහිදී පෙන්වා දුන්නේ. එ්වා සමථයකට පත්කර ගැනීමට සියලූ දෙනා වගබලාගත යුතු බව ජනාධිපතිවරයා එහිදී අවධාරණය කර සිටියා.
2012-11-16
පක්ෂයේ උන්නතියට ඇති බාධාවක් ජනපති හෙළි කරයි
Tags
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment
මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.