හිටපු හමුදාපති සරත් ෆොන්සේකා මහතා නිදහස් කර ගැනීමට විපක්ෂයේ ඇතැම් නියෝජිතයන්ද බාධා කරන බව ප්රජාතන්ත්රවාදී ජාතික සන්ධානයේ මහලේකම් පාර්ලිමේන්තු මන්තී්ර ටිරාන් අලස් මහතා පවසනවා. සරත් ෆොන්සේකා මහතා නිදහස් වුවහොත් ඔවුන්ට හිමි මහජන බලය දෙදරා යනු ඇතැයි සැක කිරීම ඊට හේතුව බවයි ටිරාන් අලස් මහතා පෙන්වා දෙන්නේ. සරත් ෆොන්සේකා මහතා නිදහස් කර ගැනීමට මාස කිහිපයක් තිස්සේ ජනාධිපතිවරයා සමග සාකච්ඡුා කරමින් සිටින බව ඒ මහතා මීට පෙර ප්රකාශ කළා. එහෙත් එවැනි සාකච්ඡා ඵලදායී නොවන්නේ යැයි ජනාධිපතිවරයා එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ති්ර දොස්තර ජයලත් ජයවර්ධන මහතාට ප්රකාශ කළ බවයි පුවත්පතක වාර්තා කර තිබුණේ. එවැනි සාකච්ඡාවක් කළ යුත්තේ සරත් ෆොන්සේකා මහතාගේ පවුලේ සාමාජිකයන් බවද එහි දක්වා තිබුණා.
ඒ සම්බන්ධයෙන් කළ විමසීමකදී ටිරාන් අලස් මහතා පැවසුවේ ජනාධිපතිවරයා සමග දැනට කරන සාකච්ඡා සම්බන්ධයෙන් සරත් ෆොන්සේකා මහතාගේ පවුලේ සාමාජිකයන් දැනුවත්ව සිටින බවයි. සාකච්ඡා කළ යුත්තේ සරත් ෆොන්සේකා මහතාගේ පවුලේ සාමාජිකයන්ම බව ජනාධිපතිවරයා කිසිදු අවස්ථාවක තමන් වෙත ප්රකාශ නොකළ බවද ටිරාන් අලස් මහතා පවසනවා.
No comments:
Post a Comment
මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.