2012-02-28

නගරාධිපති නිල නිවසට තහනමක්


කොළඹ නගරාධිපති නිල නිවස විපක්‍ෂ නායක රනිල් වික‍්‍රමසිංහ මහතාගේ දේශපාලන හෝ කාර්යාල කටයුතු සඳහා යොදා ගැනීම වලක්වාලමින් වාරණ නියෝගයක් අද කොළඹ දිසා විනිසුරු ජී.ඒ.ඞී.ගනේපොල මහතා විසින් නිකුත් කළා.
කොළඹ මහනගර සභාවේ නියෝජ්‍ය විපක්‍ෂ නායක මොහොමඞ් මහරුෆ් මහතා විසින් ඉදිරිපත් කර තිබූ පැමිණිල්ලක් විභාගයට ගනිමින් මේ නියෝගය කරනු ලැබුවා.
පැමිණිල්ලේ සඳහන්ව තිබුණේ විපක්‍ෂ නායක නිල නිවස අලූත්වැඩියා කරන බැවින් එහි පවත්වා ගෙන ගිය රනිල් වික‍්‍රමසිංහ මහතාගේ දේශපාලන සහ කාර්යාල කටයුතු නගරාධිපති නිල නිවසට රැගෙනවිත් ඇති බවයි. එහෙත් නගරාධිපති නිල නිවස එවැනි කටයුතු සඳහා යොදා ගැනීම නිවැරදි නොවන බව පෙන්වා දී තිබෙනවා. කොළඹ මහනගර සභාව, කොළඹ නගරාධිපති ඒ.ජේ.එම්.මුසම්මිල්, කොළඹ නාගරික කොමසාරිස් භද්‍රානි ජයවර්ධන සහ විපක්‍ෂ නායක රනිල් වික‍්‍රමසිංහ යන මහත්ම මහත්මීන් විත්තිකරුවන් ලෙස නම් කර තිබුණා.

No comments:

Post a Comment

මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.