2012-08-18

වැලිකඩ හිරගෙදර කාන්තා අංශයට මෑතක සිට දෙහි වැසි


  • කපා බැලුවම ඇතුළේ කුඩු

වැලිකඩ බන්ධනාගාරයේ කාන්තා අංශයට මෑතක සිට මත්කුඩු සහිත දෙහි ගෙඩි වැටෙන්නට පටන් ගෙන ඇතැයි එම බන්ධනාගාර  ආරංචි මාර්ග පවසනවා. බන්ධනාගාර තාප්පයෙන් පිටත වනාතමුල්ල සීවලී පටුමග දෙසින් දිනපතාම පාහේ මෙම දෙහි ගෙඩි වැටෙන බවද පැවසේ. කල්යල් බලා කාන්තා නිලධාරිණියන් නොමැති අවස්ථාවන්වල හරිහැටියේ වැටෙන්නට පටන් ගන්නා මෙම දෙහි ගෙඩි ඇහි‍ඳ ගැනීමට යාමේදී ජාවාරම්කාර කාන්තා රැඳවියන් අතර ගුටිබැට පවා හුවමාරු වන බවද දැනගන්නට තිබේ.
ජංගම දුරකථන මගින් කෙරෙන සංඥාවන් අනුව ගැනුම්කරුවන්ට ලැබෙන සේ ඒ ඒ ස්ථාන වෙත මෙම දෙහි ගෙඩි පතිත කෙරේ.
දෙකට පලන ලද මෙහි දෙහි ගෙඩි තුළට මත්කුඩු පුරවා ඒවා නැවත සූක්ෂම ලෙස සකසා ඇතැයිද කියති.

No comments:

Post a Comment

මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.