කුරුණෑගල දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතාට මේ මස 29 වැනි දින සවස 3.00ට එජාප විනය පරීක්ෂණ කමිටුව හමුවේ පෙනී සිටින ලෙස දන්වා කමිටු සභාපති නීතිඥ යසන්ත පෙරේරා මහතාගේ අත්සනින් යුතුව ලිපියක් යවා තිබේ. එජාප රැස්වීම්, පාක්ෂික හමු හා මාධ්‍යයට කළ ප්‍රකාශ මත චෝදනා 8ක් ජයසේකර මහතාට එරෙහිව විනය කමිටුව මගින් ඉදිරිපත් කොට ඇත.
ඉකුත් 13 වැනි දාතමින් යුත් චෝදනා පත්‍රය සහිත ලිපිය ජයසේකර මහතාට ලැබී තිබෙන්නේ ඊයේ (20)යි.
එජාප නායකත්වයේ උදහසට ලක්ව සිටින ජයසේකර මහතා පක්ෂ අභයන්තර ප්රජාතන්ත්රවාදය වෙනුවෙන් පක්ෂය තුළ දීර්ඝ අරගලයක් ගෙන ගිය පිරිසෙන් මුල් තැන සිටියේය. ඔහු පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය තුළ ගෙන ගිය සටනත් පක්ෂය ඒකාධිපතිත්වයට ඇදගෙන යෑමට විරුද්ධව කතා කිරීමත් නිසා කෘත්‍යාධිකාරී මණ්ඩල සාමාජිකත්වයෙන්ද කැපී ගියේය.
ජයසේකර මහතාට විනය පරීක්ෂණයට පැමිණෙන ලෙසට දන්වා ඇති දිනය වන 29 වන දින ඔහු රත්නපුර දිස්ත්‍රික්කයේ එජාප පළාත් සභා මැතිවරණ ප්රචාරක රැස්වීම් කීපයක්ම ඇමැතීමට නියමිතව සිටී.
No comments:
Post a Comment
මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.