පසුගියදා කොළඹ ජාතික කෞතුකාගාරය කොල්ල කෑ කණ්ඩායම යයි සැක කෙරෙන කණ්ඩායමක තිදෙනෙක් අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසනවා. ඔවුන් සතුව තිබූ කෞතුකාගාරයෙන් සොරාගත් කඩුවක් සහ රන් මුදු දෙකක්ද සොයා ගෙන තිබෙනවා.
පිළියන්දලදී අත්අඩංගුවට ගෙන ඇති මේ තිදෙනාගෙන් දෙදෙනෙකු කාන්තාවන්ය. අනෙක් පුද්ගලයා ආණ්ඩුවේ ප්‍රබල දේශපාලඥයකුගේ හිතවතෙක් බව පැවසෙන අතර ඔහු මාළිගාවත්ත ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. කාන්තාවන්ගෙන් ප්‍රශ්ණ කිරීමේදී හෙළිව ඇත්තේ අදාල පුද්ගලයා විසින් මෙම භාණ්ඩ ඔවුන්ට අලෙවි කල බවයි.
සොයාගත් භාණ්ඩ පරීක්ෂා කිරීමේදී ඒවා කෞතුකාගාරයෙන් සොරකම් කරන ඒවා බව හෙළි වූ බවද පොලීසිය පවසනවා. සොරකම හෙලි කර ගැනීමට හැකිව ඇත්තේ රුපියල් ලක්ෂ 50 ක කප්පමක් ඉල්ලා ව්‍යාපාරිකයෙන් පැහැරගත් කල්ලියක් සම්බන්ධයෙන් කෙරුණු විමර්ශණයක් අතරවායේදීයි.
No comments:
Post a Comment
මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.