නිදහස් අධ්‍යාපන අයිතියත් අධයාපනයේ නිදහසත් සුරැකීමට පෙළගැසෙමු යන තේමාව යටතේ අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය විසින් පවත්වන පා ගමනේ සංවිධාන කටයුතු සිදුකරමින් සිටි විශ්වවිද්‍යාල සිසුන් දෙදෙනෙකු අද (27) අළුයම සිදුවූ රිය අනතුරකින් මියගොස් ඇති බව වාර්තා වනවා. ගම්පහල ඉඹුල්ගොඩ රාජසිංහ විද්‍යාලය අසලදී මෙම රිය අනතුර සිදුව තිබෙනවා.
මෙලෙස මියගොස් ඇත්තේ කැළණිය විශ්වවිද්‍යාලයේ වාණිජ හා කළමණාකරණ පීඨයේ 4වන වසර ඉගෙනුම ලැබූ ජානක බණ්ඩාර නමැති සිසුවෙකු සහ රුහුණ විශ්වවිද්‍යාලයේ කළමණාකරණ හා මූල්‍ය පීඨයේ පළමු වසර ඉගෙනුම ලැබූ එච්.පී. සිසිත ප්‍රියංකර ද සිල්වා නමැති සිසුවෙකි.
ඔවුන් දෙදෙනා ගමන්ගත් යතුරු පැදිය අනතුරට පත්වීමෙන් මෙම මරණයන් සිදුව ඇති බවයි පොලීසිය පවසන්නේ.
No comments:
Post a Comment
මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.