2012-09-07

ජනපති දෑත් ශක්තිමත් කිරීමට හිරුණිකා සන්ධාන රැළියට එක්වෙලා


එක්සත් ජනතා නිදහස් සන්ධාන උතුරු මැද පළාත් ප‍්‍රචාරක රැළි මාලාවේ අවසන් මහා රැළියට හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී භාරත ලක්‍ෂමන් පේ‍්‍රමචන්ද්‍ර මහතාගේ දියණිය වන හිරුණිකා පේ‍්‍රමචන්ද්‍ර මෙනවියද එක් වූවාය. අමාත්‍ය මෛත‍්‍රීපාල සිරිසේන සහ මන්ත‍්‍රී නාමල් රාජපක්‍ෂ යන මහත්වරුන්ගේ ප‍්‍රධානත්වයෙන් පැවති අවසන් රැළියට හිරුණිකා එක්වූයේ අමාත්‍ය ප‍්‍රියංකර ජයරත්න මහතාගේ විශේෂ ඉල්ලීමකට අනුවය.
‘විපක්‍ෂයේ ඇතැම් අය මාවත් එකතු කරගෙන පොදු සන්ධානයක් හදනවා කියලා විවිධ ප‍්‍රචාර ගෙන යනවා. එහි කිසිදු ඇත්තක් නෑ. මා නියෝජනය කරන ශ‍්‍රී ලංකා මහජන පක්‍ෂයත් එක්ක හැදුනු එක්සත් ජනතා නිදහස් සන්ධානය දාල කිසිදු සන්ධානයකට එක්වීමට මගේ සූදානමක් නෑ. ඒ නිසයි සන්ධානයේ ජය තහවුරු කරන මෙම රැළියට එක්වුනේ’ යැයි ඇය එහිදී පවසන ලදී.
තම පියා ලේ දහඩිය හළමින් රැකගත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තවදුරටත් රැකගත යුතු බවත් ඒ සඳහා මහින්ද රාජපක්ෂ ජනපතිගේ දෑත් ශක්තිමත් කළ යුතු බවත් ඇය එහිදී අදහස් දක්වමින් කියා සිටියා.
ඇයගේ මව වන සුජාතා පේ‍්‍රමචන්ද්‍ර මහත්මියද රැළියට එක්වූවාය.

No comments:

Post a Comment

මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.