ප‍්‍රභාකරන් තුවක්කුවෙන් ගෙන ගිය බෙදුම්වාදී සටන දෙමළ ජාතික සන්‍ධානය සහ ඩයස් පෝරාව විසින් පළාත් සභාවලට ලබා දී ඇති බලතල උපයෝගි කර ගනිමින් ඉදිරියට ගෙන යමින් සිටින බව ජාතික නිදහස් පෙරමුණ පවසනවා. එහි දේශපාලන මණ්ඩල සභික පියසිරි විජේනායක මහතා පෙන්වා දෙන්නේ මේ නිසා පළාත් සභා අහෝසි කළ යුතුව ඇති බවයි. කොළඹ අද පෙරවරුවේ පැවැත්වු මාධ්‍ය හමුවකට සහභාගි වෙමින් විජේනායක මහතා මේ බව කියා සිටියා. ත‍්‍රස්තවාදය පරාජය කර ලබා ගත් විජයග‍්‍රහණය ආපස්සට හැරවීමේ බටහිර මෙහෙයුමක් දියත් වී තිබෙනවා. නව ඊළාම්වාදී සැලසුමක් හරහා වෙනම රටක් නිර්මාණය කර ගැනීමට දෙමළ ජාතික සන්‍ධානය ඇතුළු ඩයස් පෝරාව කටයුතු කරමින් සිටිනවා. 13 වැනි ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනය මගින් පළාත් සභාවලට ලබා දී ඇති බලතල උපයෝගි කර ගනිමින් තම සැලසුම් ඉදිරියට ගෙන යාමට දෙමළ සන්‍ධානය කටයුතු කරමින් සිටින බවයි පියසිරි විජේනායක මහතා එහිදී වැඩිදුරටත් කියා සිටියේ.
2012-10-17
පළාත් සභා අහෝසි කරන්නැයි ජනිපෙන් ඉල්ලීමක්
Tags
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment
මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.