2012-10-17

කැලණිවැලි මගේ වේදිකා උස්සා ප්‍රමාදය අඩු කිරීමට සැලසුම්


කැලණිවැලි මාර්ගයේ දුම්රිය ස්ථානයන්වල මගී වේදිකාවන්හි උස වැඩි කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව සූදානම් වනවා. දුම්රිය සාමාන්‍යධිකාරී බී.ඒ.ටී. ආරියරත්න මහතා පැවසුවේ ප‍්‍රමාදය අවම කිරීම එහි අපේක්ෂාව බවයි.
කැලණිවැලි මාර්ගයේ ධාවනය කෙරෙන දුම්රිය සංඛ්‍යාව 7ක් දක්වා වැඩිකර තිබෙනවා. ගමන්වාරද වැඩිකර තිබෙන බවයි බී.ඒ.ටී. ආරියරත්න මහතා පැවසුවේ. ඒ නිසා මගීන්ගේ සංඛ්‍යාවද කැපී පෙනෙන ලෙස මගීන් සංඛ්‍යාවද වැඩි වී තිබෙනවා. ඔවුන් දුම්රියට නැගීමට හා බැසීමට ගන්නා කාලය වැඩිවීමෙන් ප‍්‍රමාදයන් සිදුවන බවයි අධ්‍යයනයකින් හෙළිව තිබෙන්නේ. වේදිකාවේ උස වැඩිකළහොත් එලෙස සිදුවන ප‍්‍රමාදය අවම කර ගත හැකි බව පෙනීගොස් තිබෙනවා. අවශ්‍ය මුදල් ඉදිරි අයවැයෙන් වෙන් කර ගන්නා බවයි බී.ඒ.ටී. ආරියරත්න මහතා පැවසුවේ. සියලූ ඉදිකිරීම් ලබන වසරේ අපේ‍්‍රල් මාසයට පෙර අවසන් කිරීමට අපේක්ෂා කරන බවද ප‍්‍රකාශ කෙරුණා.

1 comment:

  1. ඔය ප්‍රශ්නෙ පැන නැගුනෙ කැලනිවැලි මාර්ගයට අලුතින් එක්කරපු දුම්රියත් එක්ක. ඒවගෙ මගීන්ට නගින්න බහින්න තියන දොරවල් ගනන අඩුයි. පරණ කෝච්චි වල දොරවල් 3ක් තිබ්බ එක අලුත් ඒවගෙ තියෙන්නෙ දෙකයි. ඒකයි ප්‍රමාද වෙන්නෙ. කැලනිවැලි මාර්ගයට අලුතින් කෝච්චි දාල කියල කිව්වත් කොහෙද දාල තියෙන්නෙ. කොඝඹින් උදේ 8.30 පලවෙනි කෝච්චිය පිටත් උනාට පස්සෙ ආය ඔය පාරෙ කෝච්චියක් තියෙන්නෙ දවල් 2.00ට.බොරුනම් ඕන ඉස්ටේසමකට කතාකරල අහන්න. නිකං මීඩියා වලට බොරු කියල මිනිස්සු රවට්ටන වැඩ කරන්න එපා කියල දුම්රිය බලධාරින්ගෙන් ඉල්ලනව.

    ReplyDelete

මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.