2012-10-17

වැඩිහිටි පින් පඩි ක්‍රමයත් අහෝසි කිරීමට තීන්දු කළාලු


මෙරට වැඩිහිටියන්ට පිං පඩි ලබාදීමේ ක‍්‍රමය අහෝසි කිරීමට තීන්දුවක් ගෙන තිබෙන බව උසස් අධ්‍යාපන අමාත්‍ය එස්.බී. දිසානායක මහතා පවසනවා. ඒ අනුව රජයේ විශ‍්‍රාමිකයන් හැර අනෙකුත් වැඩිහිටියන්ට මසකට ස්ථීර මුදලක් විශ‍්‍රාම වැටුපක් ලෙස ලබාදිමට කටයුතු කර ඇති බව අමාත්‍යවරයා පෙන්වා දෙනවා.
ඔහු මේ පිළිබඳ අදහස් ප‍්‍රකාශ කළේ උඩුනුවර ප‍්‍රාදේශීය ලේකම් කාර්යාල ශ‍්‍රවණාගරයේදී පැවැති උඩුනුවර ආසනයේ වයස අවුරුදු 70 ඉක්ම වූ ජ්‍යෙෂ්ට පුරවැසියන් 670 දෙනෙකු මාසික දීමනාවක් වශයෙන් එක් අයෙකුට රුපියල් 1000 ක මුදලක් බෙදාදීමේ උත්සවයට සහභාගි වෙමිනි.
‘පසුගිය අය-වැය ලේඛනයේදී අපේ රටේ වැඩිහිටියන්ට පිං පඩි දෙන ක‍්‍රමය අහෝසි කිරීමට තීන්දුවක් ගත්තා. එමනිසා මේ වනවිට වැඩිහිටියන් කිසිවෙක් පිං පඩි ලබාගන්නෙත් නැහැ.ඒ වගේම සමෘද්ධි සහනාධාර ලබාගන්නෙත් නැහැ. මේ වැඩිහිටියන්ට, රජයේ විශ‍්‍රාමිකයන්ට වගේම මසකට රුපියල් 1000 විශ‍්‍රාමික වැටුපක් රජය මගින් ලබාදෙනවා. එය පිං පඩියක් නොවේ. මේ වැඩිහිටියන් මිය යනතුරු මාස්පතා අදාළ මුදල ඔවුන්ගේ බැංකු පොතට එනවා’ යැයි අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ ය.

No comments:

Post a Comment

මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.