2012-11-15

තංගලු අධිකරණය තුළ තේජාන් ඥාතීන් කළ ගාලගෝටිය නිසා විනාඩි 10කට නවතී


තේජාන් බහු දින යාත්‍රාවෙන් තංගල්ල කුඩාවැල්ලේ සිට ඕස්ට්‍රේලියාවට ගොස් පිටිවහල් කැරුණු ධිවරයන් පිරිසක් තංගල්ල උසාවියේදී අද රිමාන්ඩ් කරද්දී උසාවියේ ඇතිවූ ගාලගෝට්ටි තත්ත්වයක් නිසා උසාවි කටයුතු මිනිත්තු දහයකට කල් තැබීමට මහේස්ත්‍රාත් යුරේකා තුලානි ද සිල්වා මහත්මියට සිදු විය.
තේජාන් යාත්‍රාවේ සිට අතුරුදන් වූ ධීවරයන් තිදෙනෙකුගේ නෑයෝ උසාවිය ඇතුළේදී සැකකරුවන්ට ශාප කරන්නට වීම හේතුවෙන් මෙම තත්ත්වය උද්ගත වී තිබෙනවා. ඔවුහු සියලු දෙනාම අධිකරණයෙන් ඉවතට යවනු ලැබූහ. සැකකාරියක ද විත්ති කූඩාවේ ක්ලාන්ත වී ඇද වැටී තිබෙනවා.

No comments:

Post a Comment

මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.