2012-11-15

අගවිනිසුරුවරිය 23 වැනිදා පාර්ලිමේන්තුව හමුවට


අගවිනිසුරු ආචාර්ය ශිරාණි බණ්ඩාරනායක මහත්මිය ලබන 23 වනදා පාර්ලිමේන්තුව හමුවට කැඳවීමට ඇයට එරෙහි චෝදනා විමර්ශනය කරන පාර්ලිමේන්තු තේරීම්කාරක සභාව තීරණය කර තිබෙනවා. එම තේරීම්කාරක සභාව පළමුවරට ඊයේ පස්වරුවේ පාර්ලිමේන්තුවේදී රැස් වුණා. අගවිනිසුරුවරියට එරෙහිව ඉදිරිපත් වී ඇති චෝදනා සියල්ල අද දිනයේදී ඇයට ලිඛිතව භාරදීමටද තේරීම්කාරක සභාව එහිදී ඒකමතිකව තීරණය කර තිබෙනවා. එම චෝදනා සම්බන්ධයෙන් ලබන 22 වන දිනට පෙර අගවිනිසුරුවරිය පිළිතුරු ලබාදිය යුතු බවයි දේශපාලන ආරංචි මාර්ග කියා සිටියේ. 11 දෙනෙකුගෙන් සමන්විත පාර්ලිමේන්තු තේරීම්කාරක සභාවේ සභාපතීත්වය දරන්නේ අමාත්‍ය අනුර ප‍්‍රියදර්ශන යාපා මහතායි. ආණ්ඩු පක්ෂයෙන් සාමාජිකයන් 07 දෙනෙක්ද විපක්ෂයෙන් සාමාජිකයන් සිවු දෙනෙක්ද තේරීම්කාරක සභාවට ඇතුළත් වනවා. 

No comments:

Post a Comment

මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.