2012-11-15

අසැබි වෙබ් අඩවි තහනම් කිරීමට නීතිපති අවධානය


ශ්‍රී ලාංකික කාන්තාවන්ගේ සහ ළමුන්ගේ නිරුවත් ඡායාරූප සහ දර්ශන යොදාගනිමින් පවත්වාගෙන යන ‍අසැබි වෙබි අඩවි තහනම් කිරීම සම්බන්ධයෙන් නීතිපති දෙපාර්තමේන්තුව අධ්‍යනයක් ආරම්භ කර තිබෙනවා. ජාතික ළමාරක්ෂක අධිකාරිය පැවසුවේ ඒ පිළිබඳ නීතිපති උපදෙස් ඉදිරි සතියේදී තමන් වෙත ලැබෙනු ඇති බවයි. එවැනි වෙබ් අඩවි 51 ක් සම්බන්ධයෙන් බත්තරමුල්ල ළමා අධිකරණයට කරුණු වාර්තා කර ඇතැයි ද එහි ප්‍රකාශකයෙකු සඳහන් කළේය.
ඒ අතර බාලවයස්කාරියන් ලිංගික කටයුතු සඳහා රැගෙන එන පුද්ගලයින් කාමරවලට ඇතුළු කරගන්නා සහ කාමර කුළියට ලබාදෙන හෝටල් හිමිකරුවන් අත්අඩංගුවට ගැනීමට මෙහෙයුම් ආරම්භ කර තිබෙනවා. ජාතික ළමාරක්ෂක අධිකාරිය පැවසුවේ පොලිස්පතිවරයා නිකුත් කල විශේෂ චක්‍රලේඛයක් මත එම වැටලීම් සිදුකරන බවයි.

No comments:

Post a Comment

මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.