ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 13 වැනි සංශෝධනය අහෝසි කිරීමට ඕනෑම පුද්ගලයෙකුට හෝ පක්ෂයකට නොබියව සහය දෙන බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය පවසනවා. එහෙත් ඒ සඳහා කොන්දේසි කිහිපයක් ද ඉදිරිපත් කරන බවයි එම සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා කොළඹ ඊයේ පැවැත්වු මාධ්‍ය හමුවක දී කියා සිටියේ.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 13 වැනි සංශෝධනය අහෝසි කළ යුතු බවට ආණ්ඩුවේම පාර්ශ්වකරුවන් වන ජාතික නිදහස් පෙරමුණ සහ ජාතික හෙළ උරුමයද හඬ නගනවා. එහෙත් කොමියුනිස්ට් පක්ෂය පවසන්නේ එවැන්නක් අනවශ්‍ය බවයි.
මේ අතර ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 13 වැනි සංශෝධනය අහෝසි කිරීමට වහා මේ මොහොතේ අවශ්‍ය වන්නේ එහි වැරදි නිවැරදි කිරීම බව එක්සත් ජාතික පක්ෂය පවසනවා. දෙමළ ජාතික සන්ධානය පවසන්නේ 13 වැනි සංශෝධනය සම්පූර්ණයෙන් ක්‍රියාත්මක කරන බවට විදෙස් රටවලට ද පොරොන්දු වී තිබියදී ආණ්ඩුව එම සංශෝධනය අහෝසි කළ හොත් එය ලැජ්ජා සහිත බවයි.
No comments:
Post a Comment
මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.