2013-10-19

පොදුරදමඩුළු සමුළු වර්ජකයන්ට නවසීලන්තයෙන් ප‍්‍රකාශයක්

ශ‍්‍රී ලංකාවේ මානව හිමිකම් උල්ලංඝනය කිරීම් සම්බන්ධයෙන් විරෝධය පළ කිරීමට අවශ්‍ය නම් කළ යුතු හොඳම දේ පොදුරාජ්‍ය මණ්ඩලයීය රාජ්‍ය නායක සමුළුව වර්ජනය කිරීම නොව ඊට සහභාගි වීම බව නවසීලන්තය නැවත අවධාරණය කරනවා. ඒ අනුව තමන් ද එම සමුළුවට අනිවාර්යයෙන් සහභාගි වන බවයි එරට අග‍්‍රාමාත්‍ය ජෝන් කී මහතා කියා සිටියේ. 
කෙසේවෙතත් ශ‍්‍රී ලංකාවේ සිදුවන බව කියන මානව හිමිකම් උල්ලංඝනය කිරීම් සම්බන්ධයෙන් විරෝධය පළ කිරීම සඳහා පොදුරාජ්‍ය මණ්ඩලයීය රාජ්‍ය නායක සමුළුව වර්ජනය කරන බව කැනඩා අග‍්‍රාමාත්‍ය ස්ටීවන් හාපර් ඉකුත් දා කියා සිටියා. එම සමුළුව වර්ජනය කරන්නැයි ඉන්දීය අග‍්‍රාමාත්‍ය ආචාර්ය මන්මෝහන් සිං මහතාට ද බලපෑම් සිදුවෙමින් තිබෙනවා. ඒ අනුව බොහෝ විට ඉන්දීය අග‍්‍රාමාත්‍යවරයා ශ‍්‍රී ලංකාවට නොපැමිණෙනු ඇති බවයි ඇතැම් ඉන්දීය මාධ්‍ය පෙරේදා වාර්තා කළේ. 
බි‍්‍රතාන්‍යයට හා එරට රජපවුලට ද පොදුරාජ්‍ය මණ්ඩලයීය රාජ්‍ය නායක සමුළුව වර්ජනය කරන්නැයි බලපෑම් පැවතුණා. එහෙත් තමන් එම සමුළුවට සහභාගි වීම සඳහා ශ‍්‍රී ලංකාවට පැමිණෙන බව බි‍්‍රතාන්‍යයේ ඔටුන්න හිමි චාල්ස් කුමරු දැනටමත් සහතික කර අවසන්. ඔස්ටේ‍්‍රලියාව සහ සයිප‍්‍රසය ද ප‍්‍රකාශ කර තිබෙන්නේ එම සමුළුවට සහභාගි වන බවයි. 

No comments:

Post a Comment

මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.