බලන්ගොඩ සිට කල්තොට දක්වා දිවෙන මාර්ගයේ බෙල්ලන්ගල දී මාර්ගයට පස්කන්දක් කඩා වැටීම හේතුවෙන් ගමනා ගමනයට බාධා එල්ල වී තිබෙනවා. එම නිසා විකල්ප මාර්ග භාවිතා කරන ලෙස ද ජාතික ආපදා කළමනාකරණ ඒකකය එම මාර්ගය භාවිතා කරන්නන්ගෙන් ඉල්ලා සිටිනවා.
මේ අතර හැටන් - නුවරඑළිය ප්රධාන මාර්ගයට ගල් පෙරළීම හේතුවෙන් එම මාර්ගයේ රථවාහන ධාවනය ඇණහිට තිබෙනවා. ඊයේ රාත්රී 10.45 ට පමණ මාර්ගයේ බ්ලැක්පූල් ප්රදේශය ආශ්රිතව මෙසේ ගල් පෙරළී ඇති බව වාර්තා වනවා.
හැටන් - නුවරඑළිය ප්රධාන මාර්ගය අවහිර වී ඇති හෙයින් විකල්ප මාර්ග භාවිත කරන ලෙස පොලිසිය රථවාහන පදවන්නන්හට උපදෙස් දෙනවා.
තලවකැලේ - පූඩළුඔය - තවලන්තැන්න හරහා නුවරඑළියට විකල්ප මාර්ගයක් වැටී ඇති බව පොලිසිය වැඩිදුරටත් අවධාරණය කළා.

No comments:
Post a Comment
මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.