ඊයේ සවස අරක්ෂක හමුදාව විසින් වැලිකඩ බන්ධනාගාරයේ හදිසි සෝදිසියක් කර තිබෙනවා. එයට සිරකරුවන් විරෝධය පල කර තිබෙන අතර එහිදී ගැටුමක් ඇතිවී තිබෙන්නේ චැපල් වාට්ටුව පරීක්ෂා කිරීමට සැරසෙන අවස්ථාවේදීය. එහිදී සිරකරුවන් විශේෂ කාර්ය බලකායේ සෙබලුන් වෙත ගල් මුල් ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා. තත්ත්වය උත්සන්න වීමත් සමග විශේෂ කාර්ය බලකාය සිරකරුවන් වෙත කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කළ බවයි පොලීසිය පවසන්නේ.
පසුව සිරකරුවන් බන්ධනාගාර අවි ගබඩාව කඩා අවි රැගෙන වහලට නැග විශේෂ කාර්ය බලකාය සෙබළුන් වෙත වෙඩි තබා තිබෙන බවයි පොලීසිය පවසන්නේ. රැඳවියන් විසින් ගිනි අවි 82ක් පැහැරගෙන ඇති අතර ඉන් 76ක්ම මේවන විට සොයා ගැනීමට හැකි වී ඇතත් තවත් ගිණි අවි 6ක් අතුරුදහන්ව ඇති බවද වාර්තා වනවා.
එම අවස්ථාවේ බන්ධනාගාර නිළධාරීන් පිරිසක් කොටුවී තිබෙන අතර දෙපැත්තෙන් එල්ලවන වෙඩි හඬවල් මැද පුද්ගලයන් 59 දෙනෙකු තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබෙනවා. ඉන් 6 දෙනෙකු තත්ත්වය බරපතල වන අතර එයින් රැඳවියන් 27 දෙනෙකු මේ වනවිට මිය ගොස් තිබේ.
වෙඩි වැදීමෙන් හා ගල් ප්‍රහාරවලින් තුවාල ලැබූ විශේෂ කාර්ය බලකායේ 13 දෙනෙක් ද සිරකරුවන් 13 දෙනෙක් දල යුද හමුදා සෙබළුන් 4 දෙනකුදල මාධ්‍යවේදියෙක් ද බන්ධනාගාර නියාමකවරු 3දෙනෙක්ද රෝහල් ගතකර තිබේ.
ගැටුම අතරතුරදී පැනගිය රැඳවියන් දෙදෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙන අතර 6 දෙනකු ආපසු පැමින භාරවී තිබෙනවා.
බරපතල තුවාල ලබා රෝහල් ගතකර ඇති හමුදා නිළධාරීන් අතර පොලිස් විශේෂ කාර්ය බලකායේ අණදෙන නිලධාරී නියෝජ්‍ය පොලිස්පති ආර්.ඩබ්ලිව්.එම්.සී. රණවන මහතා ද වනවා. මේ මොහොතේ ඔහු ශල්‍යකර්මයකට භාජනය කරමින් සිටිනවා.
විශේෂ කාර්ය බලකා සෙබළුන් බන්ධනාගාරය පරීක්ෂා කිරීමට පැමිනීමෙන් පසු බන්ධනාගාරයේ ඇතැම් නියාමකවරුන් පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන්ගේ ක්‍රියා කලාපය දැඩිව විවේචනයට ලක්කර තිබෙන අතර බන්ධනාගාරයට ඇතුළුවිමට පැමිණි ඔවුන් වැලැක්වීමට බන්ධනාගාර නියාමකවරුන් පිරිසක් උත්සහ ගෙන තිබෙනවා.
ගැටුමෙන් බන්ධනාගාර මුළුතැන්ගෙට දැඩි හානි නිසා අද උදේ කෑම වේල ලබා දීමට බොහෝ ප්‍රමාද වී ඇත මුළුතැන් ගෙය යළි පිළිසකර කිරීමට අඩුම ගණනේ තව මාසයක්වත් යන බවයි පැවසෙන්නේ.
මල් වෙඩි මෙන් දෙපැත්තෙන් වෙඩි තබාගන්නා දර්ශන සහිත වීඩියෝව පහතින්
No comments:
Post a Comment
මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.