ආසාත්මිකතාවක් හේතුවෙන් රෝහල්ගත කෙරුණු ගම්පොළ ජිනරාජ බාලිකා විද්‍යාලයේ සිසුවියන් 99 දෙනෙකු තවදුරටත් ගම්පොළ රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබනවා. රෝහල් ආරංචි මාර්ග කියා සිටියේ ආසාත්මිකතාව ඇති වූ තවත් දැරියන් දෙදෙනෙකු ඊයේ රාති‍්‍ර රෝහල්ගත කළ බවයි. ඊයේ උදෑසන පාසලට පැමිණි දැරියන් දහසකට අධික සංඛ්‍යාවක් ආසාත්මිකතාවක් හේතුවෙන් ගම්පොළ රෝහලට ඇතුළත් කෙරුණා. ක්ලාන්තය සහ සිරුරේ ඇති වූ කැසීම හේතුවෙන් ඔවුන් රෝහල් ගත කෙරුණා.
මේ අතර සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වීම සඳහා ගම්පොළ රෝහලේ විශේෂ වෛද්‍ය කණ්ඩායමක් ඊයේ පස්වරුවේ එම විද්‍යාලයට ගොස් තිබෙනවා. ගම්පොළ ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය පැවසුවේ මැක්කන් සහ දූවිලි හේතුවෙන් මෙම ආසාත්මිකතාව ඇතිවන්නට ඇති බවට සැක කෙරෙන බවයි.
No comments:
Post a Comment
මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.