කහවත්ත කොටකෙතන සහ ඒ අවට ප්‍රදේශවල සිදුවූ කාන්තා ඝාතන සිද්ධීන් පිටුපස මත්කුඩු ජාවාරමක් පවතින බවට පැතිර යන රාවයන්ගේ කිසිදු සත්‍යතාවක් නැතැයි අමාත්‍ය ඩබ්ලිව්.ඞී.ජේ. සෙනෙවිරත්න මහතා පවසනවා. කොළඹ ඊයේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා කියා සිටියේ එවැනි ජාවාරමක් තිබුණේ නම් ඒ පිළිබඳ තමන්ටද තොරතුරු වාර්තා වන බවයි.
කොටකෙතන ප්‍රදේශයේ පසුගිය මාස කිහිපය තුළ කාන්තාවන් 15 දෙනෙකු ඝාතනය කෙරුණා. එ් සම්බන්ධයෙන් තවදුරටත් පොලිස් පරීක්ෂණ කි‍්‍රයාත්මකයි. ඝාතන සම්බන්ධයෙන් නීතිපතිවරයාගේ විශේෂ විධිවිධාන යටතේ මහාධිකරණ නඩුවක් විභාග කිරීම සඳහා ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් පත් කරන ලෙසද අමාත්‍ය ජෝන් සෙනෙවිරත්න මහතා ජනාධිපතිවරයාගෙන් ඉල්ලා තිබෙනවා.
No comments:
Post a Comment
මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.