බස්නාහිර පළාතේ මාර්ග සියයක පමණ ඊයේ සිට ක්‍රියාත්මක කෙරුණු පෞද්ගලික බස් වර්ජනය මීට නොබෝ වේලාවකට පෙර අවසන් කෙරුණා. ඒ පළාත් ප්‍රවාහන අමාත්‍ය උපාලි කොඩිකාර මහතා සහ බස් සංගම් නියෝජිතයින් අතර පැවති සාකච්ඡාවකින් අනතුරුවයි. පානදුර සහ බත්තරමුල්ල අතර ධාවනය කිරීමට අලූත් ධාවන පත්‍රයක් ලබා දීම හේතුවෙන් මෙම වර්ජනය ක්‍රියාත්මක කෙරුණා. සමස්ථ ලංකා පෞද්ගලික බස් සමාගම් සංගමයේ ප්‍රධාන ලේකම් අංජන ප්‍රියන්ජිත් මහතා ප්‍රකාශ කළේ අදාල බලපත්‍රය අහෝසි කිරීමට පළාත් ප්‍රවාහන අමාත්‍යවරයා එකඟ වු බවයි.
2012-11-28
පළාත් ප්‍රවාහන ඇමැති පැරදියි - බස් සංගම් දිනුම් - බස් වර්ජනය අවසන්
Tags
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment
මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.