කොග්ගල ප්‍රදේශයේදී ඊයේ වටලන ලද නීති විරෝධී සර්ප විමානයේ සිටි සර්පයන් දෙහිවල සත්වෝද්‍යානයට භාර දෙන්නැයි ගාල්ල අතිරේක මහේස්ත්‍රාත් කුමාර මුණසිංහ මහතා වනජීවි නිලධාරීන්ට නියෝග කළා. ඒ අනුව එම සර්පයන් දෙහිවල සත්වෝද්‍යානයට අද භාර දෙන බවයි වනජීවි නිලධාරීන් පැවසුවේ. මල්සරාවන් තුන්දෙනෙකු , පිඹුරන් 3 දෙනෙකු , නාගයන් දෙදෙනෙකු , දෙපත් නාගයෙකු සහ කටකළුවෙකුද ඒ අතර වනවා. තවත් සර්පයන් කිහිපදෙනෙකු මෙතෙක් හඳුනාගෙන නැහැ. ඔවුන් හඳුනා ගැනීම සඳහාද දෙහිවල සත්වෝද්‍යානයෙන් සහාය ලබා ගන්නා බව වනජීවි නිලධාරීන් ප්‍රකාශ කළා.
මේ අතර එම සර්ප විමානය පවත්වාගෙන ගිය බවට සැක කරන ආයුර්වේද වෛද්‍යවරයා අනිද්දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා. විමර්ශනවලින් හෙළි වුණේ ඔහු විසින් සර්පයන් එකතු කර තිබෙන්නේ ඔවුන්ට ප්‍රතිකාර කරන මුවාවෙන් බවයි.
සර්ප විමානය නැරඹීම සඳහා දේශීය සහ විදේශීය සංචාරකයන්ගෙන් මුදල් අයකර ඇතැයිද , ප්‍රවේශපත්‍රයක වටිනාකම රුපියල් අටසියයක් බවද විමර්ශනවලින් හෙළි වුණා. ඇතැම්විට සර්පයන් අලෙවි කිරීමද සිදු කර තිබෙන බවයි වැඩිදුරටත් හෙළිව තිබෙන්නේ.

No comments:
Post a Comment
මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.