ඇඹිලිපිටිය කඩදාසි කම්හල නගා සිටුවීමට රාජ්‍ය-පුද්ගලික ආයෝජන සන්ධානයට
ඇතුළත්වූ ඕස්ට්‍රේලියාව පදනම් කරගත් පාර්ශවයකට ලබාදුන් රුපියල් මිලියන 418 ක
පමණ ණය පැහැර හැරීම නිසා එම මුදල් පියවා ගැනීමේ අරමුණෙන් අදාළ පාර්ශවය සතු
උපකරණ විකිණීමට සෙලාන් බැංකුව සූදානම් වේ.
මේ බව, සෙලාන් බැංකුව විසින් “ඩේලි මිරර්“ පුවත් පතේ පළ කරන ලද දැන්වීමකින් අනාවරණය කර ඇත.
මෙහිදී, බැංකුව පවසා තිබෙන්නේ Auslanka Paper Company (Pvt) Ltd යන සමාගම
සතු උපකරණ බැංකුව විසින් විකුණා දමන බවත් ඒ තුළින් පැහැර හරින ලද ණය මුදල
හා එයට අදාළ සියයට 31 ක් වන පොලී මුදලද පියවා ගැනීමේ බලාපොරොත්තුව තිබෙන
බවයි.
Auslanka Paper Company (Pvt) Ltd යනු Perth Engineering and Maintenance
(WA)(Pvt) Ltd යන සමාගම සමග සංස්ථාපනය කළ ඕස්ට්‍රේලියාව පදනම් කරගත්
සමාගමක් වන අතර ඇඹිලිපිටිය කඩදාසි කම්හලේ නිෂ්පාදන කටයුතු සිදුකිරීම මෙම
සමාගමේ අරමුණ විය.
මීට පෙර, නිළධාරීන් පවසා තිබුණේ ඕස්ට්‍රේලියානු සමාගමක් ඇඹිලිපිටිය කඩදාසි
කම්හල වෙනුවෙන් රුපියල් මිලියන 600 ක් ආයෝජනය කරන බවත් තක්සේරු කිරීමකින්
පසුව එහි ඉඩම් සඳහා සියයට 04 ක කල්බදු කුලියක් ගෙවන බවයි.
ගෝල්ඩන් කී අර්බුදයෙන් අපහසුතාවයට පත්වූ සෙලාන් බැංකුව පසුව රජයේ මැදිහත්වීම යටතට පත්විය.
source - vimasuma.com
No comments:
Post a Comment
මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.