2012-11-15

රට පුරා හෙදියන් ආයෙත් වර්ජනයකට සැරසෙන ලකුණු


ඉල්ලීම් පහක් මුල් කර ගනිමින් අද පෙරවරුවේ සිට දීප ව්‍යාප්ත සංකේත වැඩවර්ජනයක නිරත වීමට රජයේ හෙද නිලධාරීන්ගේ සංගමය තීරණය කර තිබෙනවා. එහි සභාපති සමන් රත්නපි‍්‍රය මහතා ප‍්‍රකාශ කළේ තමන් මුහුණ දෙන වෘත්තීය ගැටලූවලට සාර්ථක විසඳුමක් ලබා ගැනීමේ අරමුණින් මෙම වැඩවර්ජනය කි‍්‍රයාත්මක කරන බවයි. 
හෙද සේවය සඳහා සිදු කරන බඳවා ගැනීම් නිසි පරිදි සිදු නොවන බවද සමන් රත්නපි‍්‍රය මහතා ප‍්‍රකාශ කළා. 
සෞඛ්‍ය අමාත්‍යංශ ලේකම් වෛද්‍ය නිහාල් ජයතිලක මහතාගෙන් විමසීමක් කළා. ඒ මහතා පැවසුවේ අදාළ ඉල්ලීම් 5 සඳහා විසඳුම් ලබාදෙන බවට සෞඛ්‍ය අමාත්‍යංශය පොරොන්දු වී ඇති බවයි. එවැනි තත්වයක් යටතේ වැඩවර්ජනයට එක්වීම අසාධාරණ ක‍්‍රියාවක් බවයි නිහාල් ජයතිලක මහතා වැඩිදුරටත් කියා සිටියේ.
කෙසේ වෙතත් සෑම රෝහලකම අත්‍යවශ්‍ය සේවා සහ හදිසි සේවා කි‍්‍රයාත්මක කරන බවයි රජයේ හෙද නිලධාරින්ගේ සංගමය ප‍්‍රකාශ කළේ. එමෙන්ම රිජ්වේ ආර්යා ළමා රෝහල, කාසල් රෝහල , ද සොයිසා කාන්තා රෝහල සහ මහරගම පිළිකා රෝහල වර්ජනයට එක් නොවන බවයි එම සංගමය වැඩිදුරටත් කියා සිටියේ.

No comments:

Post a Comment

මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.