වැටුප් වැඩිවීමක් ඉල්ලා දුම්රිය සේවකයින් අද (04) මධ්‍යම රාත්‍රීයේ සිට පැය 24ක සංකේත වැඩඩවර්ජනයක් ක්‍රියාත්මක කිරීමට තීරණය කර තිබෙනවා. දුම්රිය පාලකවරුන්, නියාමකවරුන, ස්ථානාධිපතිවරුන්, කර්මාන්ත ශාලා නිලධාරීන්, දුම්රිය පාලම් හා මාර්ග පරීක්ෂකවරුන්, දුම්රිය ගොඩනැගිලි පරීක්ෂකවරුන් ඇතුළු ශ්‍රේණි කිහිපයක සේවකයින් මෙම වැඩවර්ජනයට එක්වීමට නියමිත බව දුම්රිය දෙපාර්තමේන්තුවේ ශ්‍රේණිගත වෘත්තීය සමිති එකමුතුවේ කැඳවුම්කරු ජානක ප්‍රනාන්දු මහතා පවසනවා.
6/2006 චක්‍රලේඛයට අනුව සිදුව ඇති වැටුප් විෂමතා ඉවත් කර සිය ශ්‍රේණිවලට අයත් සේවකයින්ට හිමිවිය යුතු වැටුප් තල ලබාදෙන ලෙස ඉල්ලා මෙම වැඩවර්ජනය ක්‍රියාත්මක කරන බවයි ඔවුන් පවසන්නේ.
මේ සම්බන්ධයෙන් අදාළ බලධාරීන් සමග සාකච්ඡා කර ඇතත් නිශ්චිත නිගමනයකට වැටුප් කොමිසම එළඹ නැති බැවින් මෙම සංකේත වැඩවර්ජනය කැඳවීමට තීරණය කළ බවද ඔවුන් අවධාරණය කරනවා.
No comments:
Post a Comment
මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.