මුහුදුබඩ මාර්ගයේ දකුණු කළුතර සහ අලූත්ගම අතර දුම්රිය ධාවනය අද (24) සිට තාවකාලිකව නතර කෙරෙන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා. දකුණු පයාගල සහ බේරුවල අතර පාලමක් අලූත්වැඩියා කිරීම හේතුවෙන් මෙලෙස දුම්රිය ධාවනය නතර කෙරෙන බවයි වාර්තා වන්නේ. ඒ අනුව අද (24) රාත්‍රී 11.00 සිට ලබන සඳුදා (28) අලූයම 3.00 දක්වා දුම්රිය ධාවනය සිදු නොවන බව දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේ.
කෙසේ වෙතත් අදාල කාලය තුළ කොළඹ කොටුව දුම්රිය ස්ථානයේ සිට දකුණු කළුතර දුම්රිය ස්ථානය දක්වා සහ අලූත්ගම දුම්රිය ස්ථානයේ සිට මාතර දුම්රිය ස්ථානය දක්වා සාමාන්‍ය පරිදි දුම්රිය ධාවනය කටයුතු සිදු වන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා.
No comments:
Post a Comment
මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.