2013-01-20

රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවේ ගිණුම් ලිපිකරුවා රක්ෂිත බන්ධනාගාරයට


මුදල් වංචා කළ බවට චෝදනා එල්ල වු රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවේ ගිණුම් ලිපිකරුවෙකු පෙබරවාරි මස 01 වැනිදා දක්වා රක්‍ෂිත බන්ධනාගාර ගත කිරීමට අනුරාධපුර මහේස්ත‍්‍රාත් අධිකරණය අද නියෝග කළා. ඒ, සැකකරු අනුරාධපුර වැඩබලන මහේස්ත‍්‍රාත් බුවනෙක රාජකරුණා මහතා වෙත අද ඉදිරිපත් කළ අවස්ථාවේදීයි. අනුරාධපුර භික්‍ෂු විශ්වවිද්‍යාල වැඩබිමේ සේවය කළ සැකකාර ගිණුම් ලිපිකරුවා රුපියල් 750,000ක මුදලක් වංචා කළ බවටයි චෝදනා එල්ල වී ඇත්තේ. රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවේ නිලධාරීන් කළ පැමිණිල්ලක් අනුව අනුරාධපුර කොට්ඨාස විශේෂ අපරාධ විමර්ශන ඒකකය මගින් සැකකරු අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට ඉදිරිපත් කළා.

No comments:

Post a Comment

මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.