නියෝජ්‍ය ඇමැති දුමින්ද දිසානායක මහතාගේ සම්බන්ධිකරණ ලේකම් අජිත් පුෂ්පකුමාර ලබන 28 වැනිදා තෙක් තඹුත්තේගම මහේස්ත්‍රාත් චාමර කැකිරිදෙනිය මහතා විසින් රිමාන්ඩ් කරණු ලැබුවා. පිස්තෝලයක් පෙන්වා පුද්ගලයන් බියගැන්වීම, පහරදීම, 2008 වසරේ ඡන්ද සමයේ එක්සත් ජාතික පක්ෂ කාර්යාල කඩා දැමීම ඇතුළු ඔහුට එරෙහිව පැමිණිලි 12ක් ලැබී ඇතැයි උසාවියේදී අනාවරණ වුණා.
බියගැන්වීම් ගැන පැමිණිලි දෙකක්ද,එජාප පක්ෂ කාර්යාල කැඩීම ගැන පැමිණිලි පහක් ද, මුදල් පැහැරගැනීම ගැන පැමිණිලි කිහිපයක් ද ඇතැයි පොලීසියට අධිකරණයට දැන්වීය. ඔහුගේ නීතීඥයන් ඔහුට ඇප ඉල්ලූ නමුත් ගිණි අවි පරිහරණය කිරීම සම්බන්ධයෙන් ඇප දිය නොහැකි බව මහේස්ත්‍රාත් ප්‍රකාශ කළේය.
No comments:
Post a Comment
මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.