සෞදි අරාබියේදී මරණීය දණ්ඩනය කි‍්‍රයාත්මක කෙරුණු රිසානා නෆීක් වෙනුවෙන් පාර්ලිමේන්තුවේදී විනාඩියක නිශ්ශබ්දතාවක් සුරකිමින් ශෝකය පළ කෙරුණා. ප‍්‍රජාතන්ත‍්‍රවාදී ජාතික සන්ධානයේ මන්ත‍්‍රී සුනිල් හඳුන්නෙත්ති මන්ත‍්‍රීවරයා අදාළ යෝජනාව ඉදිරිපත් කළා. ඊට මූලාසනයේ සිටි නියෝජ්‍ය කථානායක චන්දිම වීරක්කොඩි මහතා ද අවසරය
ලබා දී තිබෙනවා. ඒ අනුව එම අවස්ථාවේදී සභාවේ සිටි සියලූ මැති ඇමැතිවරුන් තම අසුන්වලින් නැගී සිට රිසානා නෆීක්ගේ මරණය වෙනුවෙන් ශෝකය පළ කළ බව නෙත් නිවුස් පාර්ලිමේන්තු වාර්තාකරු පැවසුවා.
No comments:
Post a Comment
මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.