2013-01-18

රාමක්‍රිෂ්ණ පාර හන්දියෙන් කොළඹින් පිටවීම දින විස්සකට තහනම්


කොළඹ ගාලූ පාරේ රාමක‍්‍රිෂ්ණ පාර හන්දිය ප‍්‍රදේශයේ අලූත්වැඩියා කටයුත්තක් හේතුවෙන් අද රාත‍්‍රි 10 සිට දින 20 ක කාලයක් ගාල්ල දෙසට මාර්ගය වසා තබන බව පොලීසිය පවසනවා. ඒ අනුව, ගාලූ පාරේ විහාර මාවත හන්දිය අසළින් අදාළ මන්තීරුව වසා තැබෙනු ඇති. එබැවින්, විකල්ප මාර්ග භාවිත කරන ලෙසයි පොලීසිය රියදුරන්ගෙන් ඉල්ලා සිටින්නේ. ඒ අනුව, කොළඹින් ගාල්ල දෙසට ධාවනය කෙරන රථ වාහනවලට ඩබ්ලිව්. ඒ. සිල්වා මාවත හන්දියට පැමිණ ඒ ඔස්සේ ගමන් කර දකුණට හරවා ඇළ පාර, රාජගුරු ශ‍්‍රී සුභූති මාවත ඔස්සේ නැවත ගාලූ පාරට ළඟාවිය හැකියි. එමෙන්ම, ගාල්ල දෙසට ධාවනය කෙරෙන වාහනවලට මුහුදුබඩ මාර්ගයෙන් රාමක‍්‍රිෂ්ණා පාර ඔස්සේ දකුණට හරවා ගාලූ පාරට ගමන් කළ හැකි බවද පොලීසිය සඳහන් කරනවා.
මේ අතර මුහුදුබඩ දුම්රිය මාර්ගයේ අලූත්වැඩියා කටයුත්තක් හේතුවෙන් ලබන 25, 26 සහ 27 යන් තෙදින දුම්රිය ගමනාගමන කටයුතු සීමා කරන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා. මග්ගොන ප‍්‍රදේශයේ පාලමක් අලූත්වැඩියා කිරීමටයි නියමිතව තිබෙන්නේ. ඒ අනුව, දකුණු කළුතර සිට අලූත්ගම දක්වා දුම්රිය ධාවනය කෙරෙන්නේ නැහැ. කොළඹ කොටුවේ සිට දුම්රිය ධාවනය දකුණු කළුතරට සීමා කෙරෙනවා. අලූත්ගම සිට මාතර දක්වා අදාළ දිනවල දුම්රිය ධාවනය කිරීමටයි සැළසුම් කර ඇත්තේ. 

No comments:

Post a Comment

මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.