ආගමික සිද්ධීන් සම්බන්ධ සිදුවීම් දැනුම්දීම සඳහා විශේෂ මෙහෙයුම් ඒකකයක් පිහිටුවීමට පොලිස් දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙනවා. පොලිස් ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ප්‍රිශාන්ත ජයකොඩි මහතා පැවසුවේ පොලිස් මූලස්ථානයේ හෙට උදෑසන 8.00 සිට මෙම නව ඒකකය ක්‍රියාත්මක බවයි. කිසියම් ආගමක් සම්බන්ධව සිදුවන කරදරයක් හෝ හිරිහැරයක් වේ නම් ඒ පිළිබඳ පැය 24 පුරා දුරකතන හෝ ෆැක්ස් මාර්ගයෙන් එම ඒකකයට දැනුම්දිය හැකියි. 0113 182 904 සහ 0113 188 753 යන දුරකතන අංකවලට හෝ 0112 42 39 44 යන ෆැක්ස් අංකයට එම තොරතුරු දැනුම්දිය හැකි බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා ප්‍රකාශ කළේ.
2013-02-09
ආගමික සිද්ධීන් පිළිබඳ සොයා බැලීමට පොලීසියෙන් විශේෂ ඒකකයක්
Tags
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment
මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.