නාවල ප‍්‍රදේශයේ කාන්තාවක් විවාහ කරගන්නා බව පවසමින් මුදල් වංචා කළ පුද්ගලයකු කොළඹ වංචා විමර්ශන අංශයේ නිලධාරින් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක කාර්යාලය පැවසුවේ සැකකරු අදාළ කාන්තාවගෙන් රුපියල් දහඅට ලක්ෂයකට අධික මුදලක් වංචා කර ඇති බවයි. අත්අඩංගුවට ගෙන ඇත්තේ මතුගම යටදොළවත්ත ප‍්‍රදේශයේ පදිංචිකරුවකු බව ද පොලිසිය පැවසුවා. කාන්තාවන් විවාහ කරගන්නා බව පවසමින් මුදල් වංචා කරන මෙවැනි පුද්ගලයන් පිළිබඳ විමසිලිමත් වන ලෙස ද පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක කාර්යාලය ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.
2013-02-02
කතක් රවටා මුදල් ගැරූ අයෙක් අත්අඩංගුවට
Tags
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment
මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.