චෙන්නායි මධ්‍යම දුම්රිය ස්ථානයේදී ශ්‍රී ලාංකික බෞද්ධ භික්ෂුන් වහන්සේ නමකට පහරදීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවන් තිදෙනෙකු ඉන්දීය දුම්රිය ආරක්ෂක පොලීසිය විසින් අත්අඩංගුවට ගනු ලැබ තිබෙනවා. පසුගිය සඳුදා එම හිමිනම පහරදීමට ලක්වුයේ තමිල්නාඩු එක්ස්ප්‍රස් දුම්රිය චෙන්නායි මධ්‍යම දුම්රිය ස්ථානය වෙත ළගා වූ අවස්ථාවේදියි.
ආරක්ෂිත කැමරා නිරීක්ෂණය කිරීමෙන් අනතුරුව ඉන්දිය දුම්රිය ආරක්ෂක පොලීසිය සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇති බව හින්දු පුවත්පත අනාවරණ කළා. අත්අඩංගුවට පත් සැකකරුවන් තිදෙනා රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා.
හින්දු පුවත්පත වාර්තා කළේ දුම්රියවල සංචාරය කරන ශ්‍රි ලාංකික වන්දනාකරුවන් ඇතුළු සංචාරකයින් සඳහා ආරක්ෂාව සැපයීමට ඉන්දිය දුම්රිය ආරක්ෂක පොලීසිය පියවර ගෙන ඇති බවයි.
No comments:
Post a Comment
මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.