2013-03-13

ලංකාවේ යුද අපරාධ ගැන දුකෙන් ඉන්දීය නීති සිසුන් 40ක් උපවාසයක


ශ‍්‍රී ලංකාවේ සිදුවූ බව කියන යුද අපරාධවලට එරෙහිව වහා පියවර ගන්නැයි බලකරමින් ඉන්දීය නීති ශිෂ්‍යයන් පිරිසක් උපවාසයක් ආරම්භ කර තිබෙනවා. ඉන්දීය මාධ්‍ය වාර්තා කියා සිටියේ නීති ශිෂ්‍යයන් 40 දෙනෙකු පමණ ඊට සහභාගි වී සිටින බවයි. චෙන්නායි හි අම්බෙක්කාර් නීති විද්‍යාලය ඉදිරිපිටදී ඔවුන් මෙම උපවාසය ආරම්භ කර තිබෙනවා. ශ‍්‍රී ලංකාව තුළ යුද අපරාධ සිදුවූ බවත් ඊට එරෙහිව මෙතෙක් කිසිදු පියවරක් ගෙන නොමැති බවත් ඔවුන් ප‍්‍රකාශ කරන බවයි ඉන්දියානු මාධ්‍ය වාර්තා කියා සිටියේ. ශ‍්‍රී ලංකාවට එරෙහි සටන් පාඨ සහිත පුවරු ද ඔවුන් ප‍්‍රදර්ශනය කරමින් සිටිනවා. 
මේ අතර ශ‍්‍රී ලංකාවේ සිදුවූ බව කියන යුද අපරාධවලට එරෙහිව චෙන්නායි හි අධ්‍යාපන ආයතනයක සිසුන් 8දෙනෙකු පසුගියදා මාරාන්තික උපවාසයක් ආරම්භ කළා. පසුව පොලිසිය විසින් ඔවුන් අත්අඩංගුවට ගෙන ප‍්‍රතිකාර සඳහා චෙන්නායි හි රෝහලකට ප‍්‍රතිකාර සඳහා ඇතුළත් කෙරුණු බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කියා සිටියේ. මෙම උපවාසවලට සහභාගි වූ සියලූ සිසුන් එල්.ටී.ටී.ඊ. හිතවාදීන් වන අතර ඔවුන් එම්.ඞී.එම්.කේ. පක්ෂයේ නායක වයිකෝගේ සමීපතමයන් වන බව ද වාර්තා වනවා.

No comments:

Post a Comment

මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.