රජරට වකුගඩු රෝගය සහ කෘෂි රසායන සම්බන්ධයෙන් පාර්ලිමේන්තුව විසින් පත් කල විද්වත් කමිටු වාර්තාව නිෂ්ප්‍රභ කරන්නැයි දැඩි බලපෑමක් එල්ල වෙමින් ඇති බව වාර්තා වනවා. මෙම කමිටු වාර්තා ක්‍රියාත්මක කලහොත් තම කර්මාන්ත බිඳ වැටෙනු ඇතැයිද රටේ කෘෂිකර්මාන්තය පරිහානියට පත් වෙනු ඇතැයිද පවසමින් මෙරට සියළු කෘෂි රසායන වෙළඳ නියෝජිතයන් එක්ව රජයේ ඇමතිවරුන් එකින් එක හමුවෙමින් දැඩි ආයාචනයක් කර ඇති බව වාර්තා වනවා.
කමිටුව මේ ආකාරයේ වාර්තාවක් දී ඇත්තේ එය නියෝජනය කල වෛද්‍යවරයෙකුගේ බලපෑම නිසා බවත්, එහි දක්වා ඇති පරිදි Glyphosate, Chlorphyripos නම් රසායන ද්‍රව්‍ය දෙක වකුගඩු රෝගය පැතිරී ඇති ප්‍රදේශවල තහනම් කලහොත් තම වෙළඳාම 70%කින් අඩුවනු ඇති බවත් එසේ වුවහොත් තමන් මෙරට කෘෂි රසායන අලෙවි කටයුතුවලින් ඉවත් වන බවත් මාර්තු 20 දින බත්තරමුල්ල වෝටර්ස් එජ් හෝටලයේ පැවති සාකච්ඡාවකදී ඔවුහු කැබිනට් ඇමතිවරුන් කිහිප දෙනෙක් සහ අමාත්‍යංශ ලේකම්වරුන් කිහිප දෙනෙකු හමුවේ අවධාරණය කර ඇත.
No comments:
Post a Comment
මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.