හැඟීම් උත්සන්න කර ශ‍්‍රී ලංකාව තුළ යළි බෙදුම්වාදී අරගලයක් ඇති කිරීමට එල්.ටී.ටී.ඊ ඩයස්පෝරාව උත්සහ දරමින් සිටින බව විදේශ කටයුතු අමාත්‍ය ජී.එල් පිරීස් මහතා පවසනවා. ඉකුත් දා ඉන්දියාවේදී භික්‍ෂුන් වහන්සේ දෙනමකට පහරදීමේ සිද්ධීන් ද එවැනි අරමුණකින් සිදුකළ ඒවා බවයි අමාත්‍යවරයා පෙන්වා දුන්නේ. එම එක් පහරදීමක් සිදුකිරීමට ප‍්‍රථම වීඩියෝ දර්ශන ලබාගැනීමට සැලසුම් කර තිබු අයුරින් එය පැහැදිලිවන බව ද විදේශ කටයුතු අමාත්‍යවරයා පෙන්වා දුන්නා. ඉන්දියාවේදී භික්‍ෂුන් වහන්සේ දෙනමකට පහරදීමේ සිද්ධින් සම්බන්ධයෙන් ඊයේ පාර්ලිමේන්තුවේ කල්තැබීමේ විවාදයේ දී අදහස් දක්වමින් හෙතෙම මෙම අදහස් පළ කළා. එල්.ටී.ටී.ඊ ඩයස්පෝරාවේ එක් කොටසක් ඊළාම් සිහිනය මෙතෙක් අත්හැර නොමැති බවයි විදේශ කටයුතු අමාත්‍යරවයා පෙන්වා දුන්නේ. එහෙත් තවත් කොටසක් රජය සමග සුහදත්වයෙන් කටයුතු කිරීමට සුදානම් බවද අමාත්‍යවරයා කියා සිටියා.
2013-03-22
එල්.ටී.ටී.ඊ ඩයස්පෝරාව ශ්‍රී ලංකාවේ බෙදුම්වාදී අරගලයක් ඇති කරන්න හදනවා
Tags
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment
මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.