2013-03-22

කොටි හිතවාදී සීමන් ඇතුළු පිරිසක් UN මූලස්ථානය ඉදිරිපිට උද්ඝෝෂණයක

තමිල්නාඩුවේ නාම්තමිලර් නමැති කොටි හිතවාදී දේශපාලන පක්ෂයේ නායක සීමන්ගේ ප‍්‍රධානත්වයෙන් එක්සත් ජාතීන්ගේ මූලස්ථානය ඉදිරිපිට අද උද්ඝෝෂණයක් පැවැත්වීමට සංවිධාන කර තිබෙනවා. ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කියා සිටියේ සීමන්ගේ නීති උපදේශක බව කියන නාඩා චන්ද්‍රසේකර් ඇතුළු පිරිසක් එම උද්ඝෝෂණයට සහභාගි වීමට නියමිත බවයි. ශ‍්‍රී ලංකාවේ සිදු වූ බව කියන යුද අපරාධවලට එරෙහිව ඔවුන් මෙම උද්ඝෝෂණය සංවිධාන කර ඇති බවයි වාර්තා වන්නේ. සීමන් ඇතුළු පිරිස ජිනීවා මානව හිමිකම් සමුළුවට ද සහභාගි වී සිටියා. 

No comments:

Post a Comment

මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.