2013-03-22

IPL ආවොත් බලාගෙනයි - ශ‍්‍රී ලාංකික ක‍්‍රීඩකයන්ට බලපෑම්


මෙවර අයි.පී.එල් තරගාවලියේ දී චෙන්නායිහී පැවැත්වෙන තරගවලට ශ‍්‍රී ලංකා ක‍්‍රීඩකයින් සහභාගි කර නොගන්නා ලෙසට තරගාවලි සංවිධායකයින්ට දිගින් දිගටම බලපෑම් එල්ල වෙමින් තිබෙනවා. ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ මෙලෙස බලපෑම් එල්ල කරන කණ්ඩායම් අතර දෙමළ ඊළම වෙනුවෙන් පෙනී සිටින කණ්ඩායම් ද සිටින බවයි. ශ‍්‍රී ලංකා ක‍්‍රීඩකයින් අයි.පී.එල් තරගාවලියකට සහභාගි වුවහොත් තරග අතරතුර ගැටුම් ඇති විය හැකි බවට ඔවුන් අනතුරු අගවා තිබෙනවා. තමිල්නාඩුවේ ක‍්‍රියාත්මක ශිෂ්‍ය සංවිධානයක් ද මීට පෙර අවධාරණය කර තිබුණේ ශ‍්‍රී ලංකා ක‍්‍රීඩකයින් තරගාවලියට සහභාගි වීමට විරෝධය පළ කරමින් දැඩි ක‍්‍රියාමාර්ග ගන්නා බවටයි. කෙසේ වෙතත් මෙම තර්ජන හමුවේ 
ශ‍්‍රී ලංකා ක‍්‍රිඩකයින් තරගාවලියට සහභාගි කර නොගැනිමට තීරණය කර නැතැයි අයි.පී.එල් සංවිධායක රජිව් ශුක්ලා ප‍්‍රකාශ කළා. ඒ අනුව තරගාවලි පැවැත්වෙන ක‍්‍රීඩාංගණ වෙනස් කිරීමට ද කිසිඳු අවශ්‍යතාවක් නොමැති බවයි ඔහු සඳහන් කළේ. මෙරට භික්‍ෂුන් වහන්සේලාට චෙන්නායි හීදි එල්ල වු ප‍්‍රහාරයත් සමග අයි.පී.එල් තරගාවලියට ශ‍්‍රී ලංකා ක‍්‍රීඩකයින් සහභාගි වීම පිළිබඳ විවිධ මතභේද පළ වුණා. 

No comments:

Post a Comment

මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.