2013-03-30

පැපිලියානේ ගැටුම ගැන එජාපයෙන් රජයට චෝදනා


රට තුළ උද්ගතව ඇති අන්තවාදී හා ජාතිවාදී තත්වය පිළිබඳ මහනායක ස්වාමින් වහන්සේලා සහ සෙසු ආගමික නායකයන් සමග සාකච්ඡා කිරීමට  එක්සත් ජාතික පක්ෂය සූදානම් වනවා. එම පක්ෂයේ මහලේකම් තිස්ස අත්තනායක මහතා නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ ඇති වී තිබෙන ආගමික මතගැටුම් පාලනය කිරීමට වැඩපිළිවෙලක් සකස් කිරීමට ඉදිරියේදී  ක‍්‍රියාකරන බවයි. පසුගියදා පැපිලියාන ප‍්‍රදේශයේ රෙදිපිළි වෙළඳසැලකට එල්ල වූ ප‍්‍රහාරය සම්බන්ධයෙන්ද තම පක්ෂයේ අවධානය යොමු වී ඇති බවත් එම සිද්ධිය සම්බන්ධයෙන් රජය ක‍්‍රියාකරන ආකාරය පිළිබඳ සෑහීමකට පත්විය නොහැකි බවත් එම නිවේදනයේ දැක්වෙනවා. බහුතර ශ‍්‍රී ලාංකිකයන් මෙවැනි අන්තවාදී හා ජාතිවාදී ක‍්‍රියා අනුමත නොකරන බවද තිස්ස අත්තනායක මහතා සිය නිවේදනය මගින් පෙන්වා දෙනවා. 

No comments:

Post a Comment

මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.