නුගේගොඩ පොලිස් කෝට්ඨාසයේ කුඩු ඇල්ලීම සඳහා විශේෂ පුහුණුවක් ලැබූ පොලිස් නිල සුනඛයෙක් ගෙන්වා තිබෙනවා. හිරෝස් නමින් හැඳින්වෙන මේ පොලිස් සුනඛයා මහනුවර නිල පොලිස් සුනඛ අංශයේ දී වසරක පුහුණුවක් ලබා ඇති බව වාර්තා වනවා. ඉවකර කුඩු ඇල්ලීම සඳහා ගෙන ආ පළමු බල්ලා හිරෝස් ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී මර්වින් වික්‍රමරත්න මහතාගේ මැදිහත් වීමෙන් මේ බල්ලා මිරිහාන පොලිස් කොට්ඨාස නිල සුනඛ අංශයට ලැබී ඇත.
මේ අතර වැල්ලම්පිටිය, ශ්‍රී ආනන්දාරාම මාවතේ දී හොරොයින් ළඟ තබාගත් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. සැකකරු සතුව තිබී හොරොයින් ග්‍රෑම් 5 යි මිලිග්‍රෑම් 50 ක් පමණ සොයා ගත් බව ද පොලීසිය පවසනවා.
අදාළ සැකකරු අත්අඩංගුවට ගෙන ඇත්තේ වැල්ලම්පිටිය පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් සිදුකළ වැටලීමකදීයි. අත්අඩංගුවට ගෙන ඇත්තේ වැල්ලම්පිටිය ප්‍රදේශයේ පදිංචි 23 හැවිරිදි පුද්ගලයෙකි.

No comments:
Post a Comment
මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.