2013-03-30

යාපනයේදී TNA මන්ත‍්‍රිවරුන් සිවුදෙනෙකුට ප‍්‍රහාරයක්


කිලිනොච්චියේ අද පෙරවරුවේ පැවති ද්‍රවිඩ ජාතික සන්ධානයේ රැස්වීමකට ප‍්‍රහාරයක් එල්ල වූ බව එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත‍්‍රි එම්.ඒ. සුමන්තිරන් මහතා පවසනවා. සුරේෂ් පේ‍්‍රමචන්ද්‍රන්, මාවේ සේනාධිරාජා සහ පී. සරවනභවන් යන මන්ත‍්‍රිවරුන්ද එම රැස්වීමට එක්ව සිටි බවයි සුමන්තිරන් මන්ත‍්‍රිවරයා පැවසුවේ. රැස්වීම පැවති ස්ථානයට පිටතින් පැමිණි පිරිසක් ගල්මුල්වලින් පහරදුන් බවද ඉන්, 15 දෙනෙකු පමණ තුවාල ලැබූ බවද ඔහු වැඩිදුරටත් සඳහන් කළා. 

No comments:

Post a Comment

මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.