2013-03-30

ජයලලිතා ශ්‍රී ලංකාවට එරෙහි වන්නේ ඇයි? කරුණානිධි හෙළි කරයි


ඉන්දියාවේ අග්‍රාමාත්‍ය ධූරය ලබා ගැනීම තමිල්නාඩු මහඇමතිවරියගේ අරමුණවී ඇති බව ඩී.එම්.කේ පක්ෂයේ නායක එම්. කරුණානිධි පවසනවා. ශ්‍රී ලංකාවේ දෙමළ ජතනාවගේ ගැටලු මුල් කරගෙන කොංග්‍රස් සන්ධාන රජය බිඳ හෙළා ප්‍රධාන අමාත්‍යවරිය අග්‍රාමාත්‍ය ධූරය ලබා ගැනීමට අරමුණු කරගෙන සිටින බව ඩී.එම්.කේ නායකයා සදහන් කළේය. ඉන්දීය මාධ්‍ය වෙත අදහස් දක්වමින් කරුණා නිධි මේ බව පවසා ඇත.
කොංග්‍රස් රජය බිඳ හෙළිම තම අරමුණ නොවන බව ඩී.එම්.කේ පක්ෂ නායකයා සඳහන් කර තිබේ.
කෙසේ වෙතත් ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් අමෙරිකාව ජිනීවා මානව හිමිකම් සමුළුවට ගෙන ආ යෝජනාව ගැන ඉන්දියාවේ ප්‍රතිචාරයට විරෝධය දක්වමින් ඩී.එම්.කේ පක්ෂය ඉන්දීය කොන්ග්‍රස් සන්ධානයෙන් පසුගියදා ඉවත් විය.

No comments:

Post a Comment

මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.