2013-03-30

IPL කැඳවීමට දිනේෂ් චන්දිමාල්ගෙන් දැවැන්ත පහරක්


ඉන්දීය ප‍්‍රිමියර් ලීග් ක‍්‍රිකට් තරගාවලිය සඳහා ලැබුණු ආරාධනයක් ශ‍්‍රී ලංකා පන්දුවාර විස්සයි විස්ස කණ්ඩායමේ නායක දින්ෂේ චන්දිමාල් ප‍්‍රතික්ෂේප කර තිබෙනවා. චන්දිමාල්ට මෙම ආරාධනය ලැබී ඇත්තේ දිල්ලි ඩෙයාඩෙවිල්ස් කණ්ඩායමෙන්. ජෙසී රයිඩර් හා කෙවින් පීටර්සන් යන ක‍්‍රීඩකයන් ආබාධවලට ලක්වීම හේතුවෙන් චන්දිමාල්ට මෙම ආරාධනය සිදුකර ඇති බවයි වාර්තා වන්නේ. කෙසේවෙතත් මීට පෙර පැවති අයි.පී.එල්. ක‍්‍රීඩක වෙන්දේසියේදී කිසිදු කණ්ඩායමකට චන්දිමාල් තෝරා ගනු ලැබුවේ නැහැ. එහෙත්, හදිසියේ මතු වූ අවශ්‍යතා මත ඔහුට අයි.පී.එල්. සංවිධායකයන් මෙම ආරාධනයද සිදුකර තිබෙනවා. තමන් අයි.පී.එල්. තරගාවලියට සුදුසු නම් ඒ සඳහා එක්කරගත යුතුව තිබුණේ ක‍්‍රිඩක වෙන්දේසියේදී බවට චන්දිමාල් ප‍්‍රතිචාර දක්වා ඇති බවයි ක‍්‍රිකට් ආරංචි මාර්ග පවසන්නේ. පසුව ලැබෙන ආරාධනාවන් සැලකිල්ලට ගත නොහැකි බව ද ඔහුගේ ස්ථාවරය වී තිබෙනවා. 
මේ අතර බංග්ලාදේශය සමග හෙට පැවැත්වෙන 20 යි 20 තරගය පිළිබ`ද මහනුවර පල්ලෙකැලේ ක‍්‍රීඩාංගණයේදී අද පැවති ප‍්‍රවෘත්ති සාකච්ඡාවක් පැවැත්වුණා. එහිදී මාධ්‍යවේදීන් මේ සම්බන්ධයෙන් දිනේෂ් චන්දිමාල්ගෙන් විමසා සිටියා. එහෙත්, ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ බළධාරීන් ඒ සඳහා පිළිතුරු ලබාදීමට චන්දිමාල්ට අවසර ලබා දුන්නේ නැහැ. 

No comments:

Post a Comment

මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.