ෆැෂන් බග් රෙදිපිළි ආයතනයේ පැපිලියාන ගබඩාවට පහරදී අලාභහානි කළැයි නුගේගොඩ වැඩ බලන මහේසත්රාත් තිස්ස විජේරත්න මහතා විසින් හය දෙනෙක් ලබන දෙවැනි දා තෙක් රිමාන්ඩ් කරනු ලැබූහ. කෝටිපති ව්‍යාපාරිකයකු, සන්නිවේදන මධ්‍යස්ථාන හිමිකරුවකු, දෙහිවල ගල්කිස්ස නගර සභා සේවකයකු ද ඒ අතර සිටින බව වාර්තාවෙයි. 15 හැවිරිදි බාලවයස්කාර දැරියක සමග ප්‍රේම සම්බන්ධයක් පවත්වාගෙන ගිය බව කියන මුස්ලිම් තරුණයකු එම දැරිය කෙළෙසීයැයි කියන සිද්ධියකින් ප්‍රකොප වූ පිරිසක් මේ සිද්ධියට සම්බන්ධ බව පොලිසිය පවසනවා. ෆැෂන් බග් ආයතනය පිටුපස වෙනත් සමාගමක සේවය කරන බව කියන එම තරුණයා සොයාගිය පිරිසක් ෆැෂන් බග් ආයතනයට ගල්මුල්ගසා ඇතැයි කියති.
කෙසේ වෙතත් පසුව කළ සොයා බැලීමට අපට අනාවරණය වූයේ කොටිපති ව්‍යාපාරිකයකු ලෙස හැඳින්වූ පුද්ගලයා එවැන්නෙකු නොවන බවත් ඔහු මුදල් පොලියට ලබාදෙන්නකු බවත්ය.
No comments:
Post a Comment
මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.