2014-04-27

ආණ්ඩුවේ මැයි රැලියෙන් සාමාජික පක්ෂ ඉවත් වෙලා

ශ්‍රී ලනිපය මෙවර මඑපෙ සමග තනිවෙයි

එක්සත් ජනතා නිදහස් සන්ධානයට සම්බන්ධ දේශපාලන පක්ෂ බොහෝමයක් වෙන් වෙන්ම මැයි රැළි පැවැත්වීම ගැන රජයේ ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරුන් කිහිප දෙනෙකුම අප්‍රසාදය පළ කර ඇති බව වාර්තා වනවා. මෙවර ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මැයි රැළියට මහජන එක්සත් පෙරමුණ පමණක් සම්බන්ධ වන අතර අනෙකුත් සියලු පක්ෂ වෙන් වෙන්ව මැයි රැළි හා පෙළපාලි පැවැත්වීමට තීරණය කර ඇති බවද වාර්තා වනවා. 
මීට වසර 3කට පෙරම සන්ධානයේ සියලු පක්ෂ එක්ව මැයි රැළි හා පෙළපාලි පැවැත්වුවත් දැන් එක් එක් පක්ෂ තනි තනිව පැවැත්වීමෙන් සන්ධානයේ එකමුතු බවට හානියක් පෙන්නුම් කරන බව රජයේ ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරුන් ජනාධිපතිවරයාට පෙන්වාදී ඇති බවද වාර්තා වනවා. 
ගියවර මැයි රැළියේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මැයි පෙළපාලියට මහජන එක්සත් පෙරමුණේ මැයි පෙළපාලිය සම්බන්ධවීමට ගිය අවස්ථාවේදී ඇතිවීමට ගිය ආරවුලක් දැඩි වෙහෙසකින් මඟහරවා ගැනීමට සිදු වූ නිසා මෙවර එවැන්නක් නොවීමට වගබලා ගත යුතු බවද එම අමාත්‍යවරුන් පෙන්වා දී තිබෙනවා. 

No comments:

Post a Comment

මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.